Showing posts with label Hijab Sinhala Islam. Show all posts
Showing posts with label Hijab Sinhala Islam. Show all posts

Wednesday, August 27, 2014

බලාගෙනයි නංගියේ බඹරුන් හැමතැනම..

පාට ගල් අල්ලපු ලස්සන අබායාව
නිල් පාට ස්කාෆ් එක දිලිසෙනවා ඈතට
ඇඟ හැඩය පෙනෙනෙ ලෙස ඇදි ඔබේ ඇඳුම
මේකද නංගියේ දෙවියන් කියූ හිජාබය?

හොරැහින් බලන ඔබෙ සුකොමළ බැල්මද
මලක මෙන් විහිදුවන ඔබෙ සුගන්ධයද
සැවොම ඇද ගන්නා ඔබෙ හුරතල් කතාවද
නමට ගැලපෙනවාද ඔබ හැසිරෙනා විලාසය

බලාගෙනයි නංගියේ බඹරුන් හැමතැනම 
සොයනවා මල් කැකුළු උන්ගෙ උවමනාවන්ට
දෙවියන්ගෙ අණවලට අකීකරු වීම
යහපත්ද කියලා හිතුවොත් හොඳයි නේද?

-නිර්නාමිකයි